සංජු in වොන්ඩර් land

හප්පේ..... වෙලාව කීයද? 6.30 යි කණ පැලෙන්න සීතලයි ඒත් පස්ස පැත්තට ඉර එලිය වැටිලා නෙවෙ. ඇදෙන් බිමට රෝල් උන සංජු ජනේලෙන් එලිය බැලුවා. නියමෙට සීතල පින්න. සිග්නල් ටිකක් බුරුසුවේ ගා ගත්තු සංජු තුවායත් ෆේස් වොෂ් එකත් අරගෙන බාත් රුම් එකට බඩ ගෑවා. අම්මපා මෙහෙ මෙච්චර අව්ව තියෙද්දිත් සීතල!!! 

කට සෝදන්නට වතුර කටවල් 2ක් ඇතිය. කටේ දත් සියල්ලම හිරි වැටී ඇත. කටක් තියේ ද නැද්ද කියාවත් නොදැනේ. සංජු ට සනීපයක් දැනේ.

සංජු කාමරයට දිව යයි. යාර 6ක් නමයි පටලවයි කටු ගසයි. කොණ්ඩය පීරයි. පෝනියෙක් දමයි කොණ්ඩ කටුද ගසයි. ක්‍රීම් ගායි ලිප් බාම් ගායි අවුට් ලිනෙ අදියි ලිප්ස්ටික් ගායි ග්ලොස් ගායි. ඒයෙ පෙරදා බොරුවට උස්සාගෙන ආ පොත් නැවත බෑගයට දමයි. සෙරෙප්පු දෙක දමාගෙන කුස්සියට දුවයි.  

බත රෙඩි ය.තේ එක රෙඩිය. ඕපාදූපයක් කියවා අසල ගොවිපලෙන් ලබෙන කිරි තේ එකෙන් බාගයක් විසි කොට බසයේ නලා ශබ්දයට දුවයි.  

"සුබ උදෑසනක් ටීච" 

වටේ ට ම සුබ පැතුම් ය.  

සංජු සතුටින් පාසල වෙත පිය නගයි. උදෑසන රැස්වීම. ළමෝ සියල්ලෝ ම තම තමන් ගේ කතා ය. ගුරු මණ්ඩලය තම තමන් ගේ කතා ය. විදුහල්පති(උ)තුමා තනිව බලා සිටියි. පහන් සුවද දුම් මල් ගෙන පොඩිත්තෝ පේලියක් ගුරු මණ්ඩලය ඉදිරියෙන් දුවති. නියෝජ්‍ය විදුහල්පති තුමා පසු කර දුවති. විදුහල්පති(උ)තුමා ද පසු කර දුවති. සියල්ලෝම හැකි පමන අත ගසා ගනිති. පන්සිල් දෙන්නට පටන් ගනියි. දිව්‍ය ලෝකයටද ඇසෙන පරිදි පන්සිල් හරිම සද්ද ය. 

පන්සිල් ඉවරය. සංජු ගේ සහෝදර ගුරු මණ්ඩලය ගොරවයි. "අද කතාව තියෙන්නේ කාටද?" එකෙක් ඉදිරියට ඇදෙයි. "ගරු විදුහල්පති (උ) තුමා ගෙන් ද, ආචාර්ය මණ්ඩලයෙන්ද, සහෝදර ඔබ සැමගෙන් ද අවසරයි. අදට නියමිත කතාව ට සුදානම් වීමට නොහැකි වූ බැවින් එය ඉදිරි දිනයට කල් දමමි. ස්තූතියි. " සියල්ලෝ ම අත්පුඩි තලති. වැඩියම සතුටු 1 හ 2 ශ්‍රේණි වල පොඩ්ඩන්ට ය. "ෂා මරු කතාව".  

සංජු ගේ විදුහල්පති (උ) තුමා උඩට නගියි. "මේ ඉස්කෝලෙ ගුරුවරු වෙලාවට පන්ති වලට යන්නෑ . උගන්නන්නේ නෑ. දවසට කාල පරිච්ඡේද 2ක් විතර තමා වැඩ කරන්නේ. රිලීෆ් දැම්මට යන්නේ නෑ. මීට පස්සේ මේ ළමයි තමා ගුරුවරු අධීක්ෂණය කරන්න ඕනේ. ගුරුවරයෙක් පන්තියට ආවේ නැත්නම් හරි එන්න විනාඩි 5ක් පරක්කු උනොත් හරි ළමයි ඒක වාර්තා පොතේ ලියන්න ඕනේ. ඊට පස්සෙ වාර්තා පොත මට ගෙනත් දෙන්න ඕනි මම ඒවට රතු ඉරි ගහනවා. (ගුරු මණ්ඩලයට මින් පසු වැසිකිලි යෑම තහනම් ය. පොතක් මාරු කර ගන්න ගුරු කාමරයට යෑම තහනම් ය. ) 
 
සංජු ඇතුලු ගුරු මණ්ඩලයට මාර ආතල් ය. චූන් ය. ආදි ශිෂ්‍ය විදුහල්පති (උ) තුමාගේ නිකැලැල් ගුරු ගෞරවය....විදුහල්පති (උ) තුමා වේදිකාවෙන් බැස යයි. ගුරුවරියක් මුමුණයි. " මූට පිස්සුද?" සිසුන් දෙකට නැමී කකුල් 2 අතරින් ගුරු මණ්ඩලය දෙස බලති. 3 - 1 ශ්‍රේණිධාරීගුරු මණ්ඩලය ඉදිරියේ 3-1ශ්‍රේණිධාරී විදුහල්පති (උ) තුමා සිංහ සෙයියාවෙන් අහක බලාගෙන සිටියි. 

8.20 ට සීනුව වදියි. 


ගුරුවරු පන්ති වලට දුවති. සංජු ද පොඩි කෙලි පැටික්කියන් හා කොලු පැටවුන් රැළ සොයාගෙන දිව යයි. උදේ ම රණ්ඩුවක්. "අනේ අහිංසක පැටව්න් ගේ පුංචි පුංචි රණ්ඩු නේ" 7 පන්තියේ කෙලි පැටික්කියක් 11 වසරේ අයියා කෙනෙකුට පෙම් හසුනක් ලියා ඇය විසින්ම අය්යාට භාර දී තිබිණ. සංජු ට දුක සිතේ. "අම්මපා මට මේ කාලේ මෙහෙම දෙයක් කර ගන්න පුලුවන් උනා නම් මෙලහකට මමත් දරුවො 3-4 දෙනෙකුගේ අම්ම කෙනෙක්" සංජු ට තමා ගැනම දුක සිතී ඇත. 

11.40 ට සීනුව වදියි. 

කපුටන් ට ආප්ප දැම්මා සේ එක බත් එක වටා ගුරුවරු රොක් වෙති. එක්ක එකාගේ බත් පාර්සල් කලවම් වෙවී කැවෙයි. ඕපාදූප ද දිග හැරෙයි. පාසලේ මාර්ගෝපදේශනය භාර ගුරුවරිය කට අරියි. ඒ කන්න නම් නොවේ.  

"සදුනුයි ප්‍රදීපයි, මලින්තයි රසිකා යි කතා කලොත් මට කියන්න" සියල්ලෝගෙම කුතුහලය ඇවිස්සෙයි. "ඒ ජෝඩු දෙක යාලුයි" .... "හා..................නේ" මාර්ගෝපදේශන න්‍යායන් හා මනෝ විද්‍යත්මක න්‍යායන් මගින් ඕ ඒ ප්‍රශ්නය විස්තර කරයි. සියල්ලෝ ම අසා සිටිති. විවේකය ඉවරය.  

12 ට සීනුව වදියි. 

සංජු දුවයි. ඒ 10 පන්තියට ය. දුවන ගමන් එකවරම ඇයගේ සාරි පොට පේර ගෙඩියට පැටලී "දඩෝං" . සංජු බිම.

සංජු ඇස් ඇර බැලුවේ සිහිනයෙන් අවදි වීමටයි.  

අහෝ දුකකි ඉරකි තිතකි.  

එය සිහිනයක් නොවේ. ඔබ මෙතෙක් වේලා කියෙව්වෙ සිහිනයක් නොවේ. ගුරුවරියක වශයෙන් 3 වසරක් සේවය කොට 4 වන වසර ආරම්භ කර මසක් යාමට පෙර පාසලේ ගත කල දිනයකි. වැඩි ඈතක නොවේ...... 2010 ක්වූ ඔක්තෝබර් මස 11 වන සදුදා දිනයි. එය කියවීමට ඔබ පින් කර ඇත. මම එය ලිවීමටත් එම කතාවේ කොටස්කාරියක් වීමටත් ආනන්තරීය පාප කර්මය හා සම පාප කර්මයක් කර සිටින සංජු ය. 





















Comments

  1. 4වන වසරට සුභ පැතුම්

    ReplyDelete
  2. සංජු අක්කාගේ විදුහල්පති(උ )තුමා නම් අපේ උතුමා ට වඩා හොදා වගේ...චින්තන ගැන අදහස කියෙව්වෙමි...ඇත්ත...මෙච්චර කල් රත්ගමයා චින්තන දිහා ඇහැ ගහගෙන ඉදියේ..එච්චර නීහත්මානී චරිතයක්..දැකලම නෑ....

    ReplyDelete
  3. @ විකී............ ස්තූතියි ඔබේ සුභ පැතුමට

    @ රත්ගමයා........ අපේ (උ) තුමාට ලගදිම මම පාඩමක් උගන්නන්නවා. එයා තව හොද කතා ගොඩක් කිව්වා ගිය සතියේ. මගෙ ඇගේ මාළු කරනම් ගහනවා මල්ලි මේ දැනුත්

    ReplyDelete
  4. ඔයානම් මාර ලස්සනට ලියනවා..........බ්ලොග් එක සිංඩියෙ තියනවද...........???
    ඉතුරු පෝස්ට් ටිකත් නිවාඩුව බලන්න ඕනෙ.

    ReplyDelete
  5. අක්කී ඇයි ප්‍රින්ස්ලා ඔච්චර උද්දච්ච වෙන්නේ.

    ReplyDelete
  6. යසියා : නියම සුදුසුකම් නැතිව වැරදි විදියට තනතුරු ලබා ගන්න අය එහෙම තමා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම