ඕ ලෙවල් විබාගේ

මේක මීට සති දෙක තුනකට උඩදි දාන්න හිතපු කතාවක් වුනත් දාන්න වෙන්නෙ දැන් තමා. ඒ තරමටම පහුගිය දවස්වල වැඩ වැඩි වෙලා හිටියේ. අද තමා ටිකක්වත් නිදහසක් ලැබුනේ වැඩ වලින්.

 ඒ මදිවට ටෙලිකොම් එකේ කස්ටමර් සර්විස් එකටයි අලුත්වැඩියා අංශයටයි පින් සිද්ද වෙන්න සතියකට වැඩි කාලයක් ඉන්ටර්නෙට් සහ දුරකතන පහසුකම් නැතිව ඉන්න සිද්ද වුනා.

 ටෙලිකොම් එකේ කණුව ගාවට එනකල් වයර් ටික චෙක් කරන්න එන්නෙ එක කට්ටියක්. කණුව ගාව ඉදන් ටෙලිෆෝන් එක ගාවට එනකල් තව කට්ටියක් ඇවිල්ල හදන්නේ. ඊගාවට ADSL එක හදන්න ආයේ කම්ප්ලේන් එකක් දැම්මම එන්නෙ තව වෙනම කට්ටියක්. මම 10 වෙනි වතාවට විතර ADSL කස්ටමර් සර්විස් එකට කතාකලාම කියනව මේ කම්ප්ලේන් එක ඉන්වෙස්ටිගේට් කරන්න අපි ඇරේන්ජ් කරලා තියෙන්නෙ ෆීල්ඩ් ට්‍රිප් එකක් කියල. මට බකස් ගල හිනහවකුත් ගියා. අනේ ඔය වැඩ තුනටම එකපාර කට්ටියක් එව්වනම් එයාලටත් ලේසියි අපිටත් ලේසියි. ඒ මදිවට ටෙලිෆෝන් එක හදන්න ආපු පොරවල් දෙක ලෙසටම අනුමත වෙලා හිටියේ 12 වෙනිදා හවස නිසා. මට හොදටම සුවර් සූර් පිට ADSL වයර් එකට සෑහෙන්න ජිල්මාට් එකක් දාල ගිය නිසා තමා මේ ADSL එක ලෙසටම වැඩ නොකලෙ කියලා.

හරි ඔන්න ආයේ මාතෘකාව. හැමෝම දන්නවා ඇතිනේ ගිය අවුරුද්දේ ඕ ලෙවල් විබාගේ ප්‍රතිඵල ආවා කියලා. ඉතින් මගේ ගෝල බාලයෝ රැලකුත් විබාගේ ලිව්වනේ. ඔන්න ප්‍රතිඵල එනවා කිව්ව දවසේ මාව රත් වෙලා. හීන් දාඩිය දානවා. එකෙක්වත් පාස් වුනොත් මම ගොඩ. ඇයි හත්දෙයියනේ එවුන් පාඩමට වඩා කලේ ලව් කරපු එකයි. මම ඉතින් උන්ට උගන්නනවට වඩා කලේ බණ දේශනා තියපු එක.

ඉතින් ඔන්න ප්‍රතිඵල එනවා කිව්ව දවසේ රෑ මට අපේ මේජර් ගෙන් ඒ.එම්.එස්. එකක් ආවා. මේජර් කිව්වේ අපේ ඉස්කෝලෙට දාල හිටපු ශිෂ්‍ය භට බලඇණිය භාර නිලධාරී උප ලුතිනන් නිස්සංක. මේජර් කාඩ් එකට අමතරව එයාට “බටයා” කියලත් කාඩ් එකක් තිබ්බා. ඉතින් නිස්සංක අයියා කතා කරලා කිව්වේ සාලියට ඉංග්‍රීසි වලට W එකක් කියල. මගේ ඇස් උඩ ඉන්දුනා. සාලිය ෆේල් කියන්නෙ අනික් උන් ගැන කතා කරලාම වැඩක් නෑ කියන එකයි.

දැන් ඉතින් මට මැවි මැවී පේනවා අපේ කලාපයේ ඉංග්‍රීසි අංශ භාර පිස්සා මගේ ඔලුව කන්න හදනවා. දෙමාපියෝ මට පොළු වලින් ගහනවා. ගුරු මණ්ඩලේ දිය රෙද්දකින් මගේ බෙල්ල කපනවා. උතුමා සෑර් මගේ මාරුවීම් ඉල්ලුම්පත්තරේ කුණු කූඩෙට දානවා.

ඊගාව සදුදා මම ඉස්කෝලේ ගියේ හුලං ගිය පැරෂුට් එකක් වගේ. මම යනකොට උදේ රැස්වීම ඉවරයි. ඉස්සරහ කයියක් දාගෙන හිටපු ගුරු මණ්ඩලේට මලානික සිනාවක් සහ ගුඩ් මෝනින් එකක් දාල මම යන්න හැරුනා අත්සන් කරන්න. ඔන්න එතකොටම සමන් මලෙන් පවන් සැලේ කතා කලා.

“සංජු ටීච ට නම් ඔන්න සතුටු වෙන්න පුළුවන්. තුසිත් ට ඉංග්‍රීසි වලට C එකක් තියෙනවලු”

ඈ…….! මට යන්න ගිය ගමන ඉබේම නැවතුනා.

“කවුද සමන් මලෙන් පවන් සැලේ ටීච කිව්වේ?”

“තුසිත් ආවනේ අපේ වස්සා සර් හම්බ වෙන්ට ප්‍රතිඵල කියන්න”

ඔන්න ඉතින් මට දැන් මෙලෝ සිහියක් නෑ. ඒ වෙනකොටත් නිල ප්‍රතිඵල ලේඛනය ඉස්කෝලෙට ඇවිල්ල තිබුණේ නෑ. හැමෝම බලාගෙන හිටියේ ඒක එනකල්. ඔන්න උදේ 9.30 ට විතර අපේ පියුන් මහත්තයා ලොකු ලියුම් කවරෙකුත් අරගෙන ඉස්කෝලේ කන්ද බඩගාගෙන ඔපීසිය දිහාවට යනවා මට පෙණුනා. මමත් හිටපු පන්තියට වැඩක් දීල ඔපීසිය දිහාවට දිව්වා.

එතකොටත් උතුමා සර් ප්‍රතිඵල ලේඛනේ දිග ඇරගෙන. වස්සා සරුයි ධම්මිකා ටීචයි වට වෙලා.මටත් මොකෝ මමත් රින්ගුවා.

“ආ සංජු ටීච මෙන්න ටීචගේ විෂය 7 දෙනෙක් පාස්. C තුනකුත් තියෙනවා.”

මට ඇඩෙන්ට වගේ කදුළු පිරුණි. එකෙක්වත් සමත් නොවේයැයි සිතූ පන්තියේ 7ක් පාස්. ඒකෙනුත් මම හීනෙන්වත් නොසිතපු සී සාමර්ථ 3 ක්ම. ඒ තනිකර මගේ කටේ බලය මිස පන්ති ගිහින් ගත් සාමර්ථ නොවන බව මම හොදටම දනිමි.

මගේ හුලං ගිය පැරශුට් එකට ආයෙත් හුලං පිරුනා. අදින් පසුව මම ඉගැන්වීමට අදක්ෂ ගුරුවරියකැයි කියන්න එන අයට දෙන්නට ශෝයි උත්තරයක් මට ඇත. එක දරුවෙක් වත් සමත් නොවූ පාසලේ මම ගිය වසරේ  16% ක ප්‍රතිඵල ද මේ වසරේ එය දෙගුණ කොට 32% ක ප්‍රතිඵලද පෙන්වූයෙමි.  ඉතින් එදායින් පසුව සංජු ටීච වන මම යකාටවත් බය නැත. බයිලා ගහන බූරුවන්ට දෙන්නට උත්තර දැන් මට ඇත.

අපූරුම සිද්දිය ඒක නොවේ. අපේ උතුමාගේ විෂය වන මවුබස නොහොත් සිංහල අසමත් 6 දෙනෙක් ද අපේ නිවාසය කැතයි කියා නැටූ ගුරුතුමීගේ විෂය නොහොත් ආගම වන බුද්ධ ධර්මය අසමත් 5 දෙනෙක් ද සිටීමය. මොන බාල්දිය ඇද්දත් ඒ මෝඩයෝ දෙදෙනා හොද ගුරුවරුය. එකම වරද වන්නේ ලිං මැඩි ගතිය ය. ලිං මැඩියා සිතාගෙන සිටින්නේ ලෝකෙට ලොක්ක තමා කියා සේම මේ දෙන්නාද සිතා සිටින්නේ එසේය. ඉගැන්වීමේ හැකියාව පරදවා මෝඩකම ප්‍රදර්ශනය වන්නේ එතැනිනි.

මෙවරද සුපුරුදු පරිදි ගමටම ලයිට් කණු බෙදූ අයද වූහ. උසස් පෙල ට යනවාට වඩා මග හැලෙන අය වැඩිය. වෘත්තීය අධ්‍යාපනය දැඩිව ස්ථාපනය කිරීමේ හා දුබලතා ඇති දරුවන් හදුනාගෙන ඔවුන් ඒ කෙරෙහි යොමු කරවීමේ නිත්‍ය වැඩපිලිවෙලක අවශ්‍යතාවය මට පේන්නේ මේ වගේ වෙලාවටය. මක් නිසාද යත් නිකරුනේ ගෙදර නවතින්නෝ බොහෝ විට ඉන්පසු සමාජයට පිලිල වීමට ඇති ඉඩකඩ වැඩි නිසාය.

Comments

  1. හොද ටිච කෙනෙක්...ආහ්.. :) දක්ශත්.... සුබ පැතුම් අක්කේ... අද හත හෙට වෙනකොට හත් වරක් හතවත් වෙන්න පතනවා,,,

    ReplyDelete
  2. අපිටත් හරි සතුටුයි ඈ... ඊලග පාර ඔයිට වඩා දාන්න 50%ක් විතර

    ReplyDelete
  3. අප්පා සංජු ටීච දැන් උඩ ගිහින් ඊලග අවුරුද්දෙ වැඩේ අනා ගනියිද දන්නෙ නෑ

    ReplyDelete
  4. සංජු ටීචර්ට පිනක් තිබිල... ටෙලිෆෝන් ලයින් එකයි ADSL එකයි මොනව වුනත් ඉක්මනට හදල දීලනෙ... සාතන් කෑව කට්ට මාසෙකට කිට්ටු වෙන්න...
    රිසල්ට් ටික නම් හොඳයි වගේ නේද?... සුභ පැතුම්!...

    ReplyDelete
  5. සුභ පැතුම්.... හප්පේ එකෙක්​ට W කියලා නටපු නැටිල්ල මටත් ටිකක් මතකයිනේ....

    හික් ... මේජර් කිව්වම මං හිතුවේ... අපේ සුරිය අරණ බුවා කියලා...

    ReplyDelete
  6. නිම්ශා : තැන්ක්යූ.... ලබන පාරත් එච්චර සෙට් එකක් නෑ ළමයි 25ක් විතර තමා ඔක්කොම විබාගෙට ලියන්නෙ

    ReplyDelete
  7. මලන්: ලබන පාර පාස් වෙයි වැඩිපුර

    ReplyDelete
  8. ඉසුරු : ලබන පාර මට ඉන්නවා පට්ට සෙට් එකක්....! කොහෙන් ඉගෙනගෙනද මන්දා රචනාව ලිව්වම මට ලකුණක් කපන්න තැනක් හොයා ගන්න බෑ විස්සෙන් විස්සම දෙන්න වෙනවා.

    ReplyDelete
  9. සාතන් : මොන පිස්සුද ADSL කාරයො තාම ආවේ නෑ. මම මේ මොඩම් එක දිහා ඔරවගෙන බලාගෙන ඉදලමද කොහෙදෝ මේක මෙහෙමවත් හරි ගියේ. ඒත් වැඩ කරන්නෙ එයාට ඕනි වෙලාවට විතරයි. ඉක්මනට ඩිස්කනෙක්ට් වෙනවා.

    ReplyDelete
  10. ෆිශී : ඔව් මචා මතකනෙ මම එදා අමුකහ බීලා වගේ දගලපු හැටි???

    ReplyDelete
  11. අපේ සුභ පැතුම් සංජු ටීචට!

    ReplyDelete
  12. ටී.බී. : වෙලාවකට ඒත් හැම වෙලාවෙම නෙවෙයි. දැන් ඉන්න ළමයින්ට තේරෙන්නේ අවුරුදු ගාණක් ගිහාම ගුරුවරුන්ගෙ අගේ. මෙහෙම එකපාර නම් නෙවෙයි.

    ReplyDelete
  13. සංජු චීච වැඩකරුනේ... ඔය පලාතේ ළමයින්ට විතරක් නෙවේ ගුරුවරුන්ටත් මම උගන්නලා තියෙනවා.. ඒ අතින් බැලුවම අක්කේ ඔයා අවුරුදු දෙකක් වැඩ කරන එක ගැන මට මාර සන්තෝසයි... ජය වේවා.. මාරුව ඉක්මනට ලැබේවා...... සුභ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  14. කොපමන ගුණ කල                 ත්
    දුදනෝ නොවෙති යහප             ත්
    කිරි දියෙන් දෙව්ව                     ත්
    අගුරු සුදු වන කලක් නම් නැ     ත්

    ReplyDelete
  15. මෙහි ලා සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත,
    එනම් මෙවර අ.පො.ස සා.පෙළ විභාගයේ සාමාර්ථ ලකුණු මට්ටම් පහත දමා ඇති බවත්, මෙවර විෂයක් සමත් වීමේ අවම ලකුණු ප්‍රමාණය (S සාමාර්ථය ) 29 ක් තරම් පහතට දමා ඇති බවත්, පසුගිය බොහෝ කලක් ම එම සමත් වීමේ ලකුණු ප්‍රමාණය 40-45 තරම් ඉහල අගයක් ව පැවතුන බවත් ය. අනෙක් සාමාර්ථ වලද ලකුණු මට්ටම් ඊට සාපේක්ෂව පහත දමා ඇත.

    ඒ අනුව ඔබගේ සිසුන් ඊනියා S සාමාර්ථ සහ C සාමාර්ථ ලබගෙන ඇත්තේ ඔබගේ කටේ බලයට හෝ ඔබගේ වෙනත් දක්ෂතාවයකට ද, නො එසේ නම්, අධ්‍යාපන ඇමති තුමාගේ නව 'ලකුණු සූත්‍රය' ට පින් සිදු ව්න්නට ද? යන වග නුවණින් විමසා බැලිය යුත්තේමය.

    එහෙයින් ඔබ වත්මන් තත්වය ගැන උදම් ඇනීමට/සෑහීමකට පත්වීමකට වඩා ඔබ, ඔබ ගැනත්, ඔබේ සිසුන් ගැනත් යතාර්ථ වාදීව විමසා බැලීම ප්‍රඥ්ඥා ගෝචරය.

    ReplyDelete
  16. ටී.බී. කොමෙන්ටුවට ස්තූතියි. ඔබ ලකුණු 40-45 තරම් ඉහල අගයකින් සමත් වුණා නම් මට සතුටුයි. නමුත් කොහොම හරි අමාරුවෙන් ඉංග්‍රීසි විෂය වචනයක්වත් ලියා ගන්න බැරිව හිටි ළමයි ලකුණු 29කින් හෝ සමත් කරවීම මට සතුටක්.

    සුපුරුදු පරිදි ඔබ මගේ ලිපිය සම්පූර්ණයෙක් නොකියවා කෑ ගසා ඇත. මගේ වත්මන් තත්වය ගැන ඔබ කිසි සේත් කරදර විය යුතු නැත. ළමයින් ගැන කියනවා නම් කරුණාකර නැවත් ගොස් ලිපියේ අන්තිම කොටස කියවා එන්න.

    අනික මට ඔය කියන තරම්ම යතාර්ථවාදී වීමේ උවමනාවක් නැත. මක්නිසාද යත් මගේ වටා සිටින මෝඩයන් සමහර වෙලාවට මටත් එක්කම යතාර්ථවාදී වී ඇණ ගන්න බැවිණි.

    ReplyDelete
  17. හරේ ඔහෙම යන් ටීචර්...
    100% ප්‍රතිඵල හම්බවෙන දවස වැඩි ඈතකට යන්න දෙන්න එපා

    ReplyDelete
  18. එකොලොස් වසරක් පුරා කිසියම් විශයක් හදාරා අවසානයේ එම විශයට ලකුණු 29 ක් ලබාගත් සිසුවෙක් එම විශය සමත් යැයි කීම හුදු මුලාවක් මිස පිළිගත හැකි සත්‍යක් නොවන්නේමය. එවැනි සිසුවෙක් පිළිබඳව ඔබට සතුටු විය හැකි නම් ඒ ඔබේ නොදැනුවත් කම නිසා සිදුවන්නක් මිස, ශිෂ්‍යාගේ දක්ෂ තාව නිසා සිදුවන්නක් නොවන්නේය. මන්ද යත් එවැනි සාමාර්ථයක් ලබන සිසුවෙක් පසුව දෙලොවටම නැති ලෙස අතරමං වන බැවිනි.

    ඉංග්‍රීසි වචනයක් වත් ලියා ගන්න බැරිව සිටි සිසුන්ට, ඉංග්‍රීසි ලිවීමට ඉගැන්වීම ඉඳුරාම ප්‍රශංසණීය කටයුත්තකි. නමුත් එසේ වූ නිසාම නිසි නිපුණතා මට්ටම සම්පූර්ණ කර නොමැති සිසුන් විභාහයෙන් සමත් කිරීම එම සිසුන් ට කරන ද්‍රෝහී කමක් මිස උපකාරයක් නම් නොවන්නේමය.

    කෙසේ වෙතත් පුද්ගලයෙකුට යතාර්ථයෙන් හා හෘදය සාක්ශියෙන් මිදිය නොහැකි බවත් මෙහිලා සඳහන් කර තබමි.

    ReplyDelete
  19. උපන්දා සිට ඇසුරු කරන සිංහල හරි හමන් විදිහට හසුරුවන්න බැරි දරුවන් පමනක් නොව වියත් විද්වතුන් පවා සිටින මේ රටේ, අවම පහසුකම් මැද දුෂ්කරතා මැද අවුරුදු 11 පමනක් හැදෑරූ ඉංග්‍රීසියට 29 හෝ ලබාගෙන සමත් වීම ඇගයීම වටී...

    ReplyDelete
  20. ඉස්කෝලේ මොකක්ද අක්කේ??... කොහේද ඔය ඉස්කෝලේ තියෙන්නේ...(දිස්ත්‍රික්කයවත්???)....
    ඇත්තටම ළමුන් අසමත් විමට හේතුව ලෙස ඔබතුමිය දකින්නේ කුමන හේතුවක්ද?.....ලමෙකුට විශයකට 35%*40% ගන්න කරන්න පුලුවන් උදව්ව මොකක්ද?

    ReplyDelete
  21. අනේ මතත් අක්කා වගේ අක්ක කෙනෙක් හිතියානම්...(අක්කෙක් නොමැත​).. ටීඡ ශෝයි නේ??

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම