Posts

Showing posts from May, 2011

මල්ලිට ලොකු ඒවා........ මට පොඩි ඒවා.....!

Image
මේ කතාව මාත් අපේ මල්ලිත් ගැන නම් නොවේ. නමුත් පොඩි කාලේ අපේ ගෙදරද මේ වගේ වලි අනන්න තිබුණි. නමුත් මේ තරම් මේ අක්කා ඇඩ්වාන්ස් නැත. මේ වලිය සිද්ධ වුනේ අපේ යාබද පාසැලක සහෝදර ගුරුතුමියකගේ ගෙදරයි.  ඇයට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා දියණියක් වන අතර බාලයා පුතෙකි. සුපුරුදු පරිදි පොඩි එකා නිසා ලොකු එකා ගුටි කන සීන් එක මෙහෙදීද අඩු නැතුවම සිදුවේ.  "මොකක්ද දුව මල්ලි පොඩියිනෙ" "මල්ලි පොඩියි ගහන්න එපා" "මල්ලිට දෙන්න මල්ලි තාම පොඩියි නෙ" දවසක් මේ වගේ වලියක් පටන්ගෙන තදට වලිය නැගලා ගියේ ය.  මල්ලි නිසා අක්කාට ගුටි 3-4 ක් ද වැදුනේය. දැන් අක්කා හඩයි. හඩන ගමන් දෙස් දෙවොල් තියයි.  "අම්මා හැම එකම කියන්නෙ මල්ලි පොඩියි මල්ලි පොඩියි කියලා. මොන පිස්සුද ??? මල්ලිට දෙන හැම එකමලොකුයි. මටයි තියෙන්නෙ ඔක්කොම පොඩි ඒවා"   කෙල්ල මරහඩ තලමින් හඩයි.   "අම්මම බලන්න මල්ලිගෙ හැම එකම ලොකුයි. බලන්න මට වඩා මල්ලිගෙ චූවත් ලොකුයි. මගෙ එක එතනත් පොඩියි. අම්මා කොහොමද කියන්නෙ මල්ලි පොඩියි කියලා" කෙල්ල නැවතත් මරහඩ තලමින් හඩයි.   මේ ටීචර් අම්මා ඉස්කෝලයේ ඇවිත් සීන් එක කියලා පෙරලෙමින් ස

ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා....!

Image
ඒ සිංදුව ඇහෙන හැම වෙලාවකම මම ලග ඉන්න කෙනෙක් ගෙන් ඇහුවෙ කොහොමද දැන් දිලුම් ට කියලා.  කියන්න තරම් දෙයක් මගෙ හිතේ ඉතිරි වෙලා නෑ. හැම දෙයක් ම හිස් වෙලා.  වතුර කළ 7 ක් අරගෙන වැල් බෝධිය වටේ ගිය අපි පැතුවේ මේ අවසානය දකින්න නෙවෙයි.  ඒත් හිතුවටත් වඩා කලින් මල්ලි ...... ඔයා අපිව දාල ගිහින්.  සයිබර් සැණකෙළිය දවසෙ මම කලින් යන්න හදනකොට ඉදගෙන හිටපු ඔයා මට ඇනලා කිව්වෙ "ඇයි යන්නෙ ඉක්මනට?? අපිත් එක්ක යන්න ඉන්න" කියලා.   එහෙම කිව්ව ඔයාගෙ ඔලුව අතගාලා මම ආවා.   හැමෝම එක්ක එකට යන්න පටන් ගත්ත ගමනක..... මග වෙනස් කරගෙන ඔයා තනියම වෙන පාරක ගිහින් කියලා මම තාම අදහන්නෙ නෑ.  ඒත් ඒක ඇත්තලු. ඔයා ආයේ කවදාවත් එන්නෙ නැතිලු.   අපේ හදවත් වල හොරෙන් හොරෙන් අඩි තියපු ඉලන්දාරියා අපිව දාලම ගිහින්.  ආයෙ නො එන්නම.............! පපුවට දැනෙන වේදනාව සහෝදර කම වෙන්න ඇති. ඔය හිනාව කතාවල් අපිට ආයෙ ඇහෙන්නෙ නැති වේවි.   මල්ලී ඔබට නිවන් සුව!