චීන සවාරි - චීන බීම සහ ශවර් ජෙල්


මේ  කතා දෙක මට කිව්වෙ අපේ අයියා කෙනෙක්. දෙකක් නෙවෙයි කතා 3-4ක් ම කිව්වා. ඒත් ඉතින් දාන්න වෙන්නෙ කතා දෙකයි. අනික් කතා දෙක බ්ලොග් බලධාරියා විසින් කපා හරින ලදි. මේ කතා දෙකම ඒ අයියට චීන සවාරියකදි සිද්ද වෙච්ච කතා. තුන්වෙනි හා හතරවෙනි කතා දෙක නම් කිව්වෙ එයා එක්ක ගිය යාළුවන්ට වුණා කියලා. අනේ මං දන්නෙ නෑ ඉතින් ඒවා නම්....! ඒක නිසා මම "ලු" තමා ලියන්නෙ ඔන්න.

 ඔන්න ඉතින් මෙහෙමයි සීන් එක. අපේ මේ අයියා වැඩ කරන ආයතනයෙන් අපේ අයියයි තව අයියල කට්ටියකුයි චීනෙට යැව්වලු පුහුණුවකටද මොකක්දෝ එහෙකට. මේ ආයතන එක පාර දෙතුන්දාහක් රාජකාරි කරන ආයතන නිසත් මේ ආයතනේ රාජකාරිවලට ගන්නෙ හයේ හතරෙ වැඩකිඩ දන්න අයියලා නිසත් මේ ගිය සෙට් එකත් අන්තිම නසරානි සැට් එකක්ලු. අපේ පොරත් සුදුවට බෝලෙ වගේ හිටියට ඒ සැට් එකටම හරියන අයියෙක්. 

ඉතින් ඔන්න මේගොල්ලන්ට චීනෙට ගිහාම හත්වලාමයි කියලා තරු පහේ හෝටලේකම නැවතෙන්න හම්බවුණාලු. ඒ මදිවට ඇති වෙන්න කන්න ද බොන්නද නාන්නද ..... තව බලන බලන අත චීන කෑලි වැහි වැහැලලු. අපේ ගිය සමහර අයියලගෙ ප්ලෑනුත් ඩයල් එකත් වෙනස් වුණාලු මේවා දැකලා.  ඒ මදිවට මදි නොකියන්න සීතලත් තිබුණලු. 

මේගොල්ලො කරන්නෙ උදේ පාන්දරම බාත්ටබ් එකට උණුවතුර එකක් පූරවගෙන සීතල යනකල් බැහැලා ඉන්න එකලු. අපි වගේ පිස්සු ඩයල් එකක් එහෙම කලොත් බාත්ටබ් එකෙන් ගන්න වෙන්නෙ අයිස් කෑල්ලක් වුණත් මේ අයියලා සෙට් එකට දීල තියෙන පුහුණුව නිසා මෙයාල ඇන්ටාක්ටිකාවට ගියත් උදේට නාලා තමා එලියට බහින්නෙ.  

ඉතින් ඔන්න දවසේ පුහුණුව එහෙම අවසාන කරලා හවස හෝටලේට ආවම තමා අපේ කට්ට්ටියගෙ වැඩ පටන්ගන්නෙ හරියටම කිව්වොත්.  අපරාදෙ කියන්න බෑ අපේ කට්ටියටම සැට් වෙන විදියෙ අපූරු භාෂා පරිවර්තකයො පස් දෙනෙකුත් මේ කට්ටියට හිටියලු. හවස වැඩ ඉවර වුණා කියලා නෑ මේ භාෂා පරිවර්තයො දෙන්නත් හොදට කන බොන මිනිස්සු නිසා අපේ කට්ටිය එක්කමලු ඉන්නෙ. 

චීනෙ කට්ටිය බොනවලු මෝතායි කියලා බීමක්. බීමෙ නම හරිද මන්දා අපේ කට්ටිය ඉතින් චීන භාෂාව හරියට දන්නෙත් නෑනෙ.  ඉතින් අර අපේ කට්ටිය එක්ක ඉන්න භාෂා පරිවර්තකයො දෙන්න හෙණ කයියක් ගැහුවලු එයාලට මේ වර්ගෙන් ගොඩක් බොන්න පුළුවන් බීල වෙරි නොවී ඉන්නත් පුළුවන් කියලා. අපේ කට්ටියත් ඉතින් පුරුදු වෙන්න බොන කට්ටියක් නෙවෙයිලු. බෝතලේ බීලත් සීරුවෙන් සිට ගන්න පුළුවන් කට්ටියක්. ඉතින් චීන කොටාල පස් දෙනෙක් අර වගේ චැලෙන්ජ් එකක් කලාම කාටද ඉවසන්න පුළුවන්?

 එදා ඉතින් හවස හෝටලේට ගිහාම කට්ටිය සුපුරුදු පරිදි බොන්න සෙට් වුණාලු. අර භාෂා පරිවර්තකයො 5 දෙනා කට්ටියගෙ කාමරවලට එනවලු. ඔන්න එකෙක් එනවලු. කාමරේ ඉන්න අපේ කොල්ලො දෙන්නට මෝතායි වීදුරු2ක් පොවනවලු. ඊට පස්සෙ තව එකෙක් එනවලු මෝතායි වීදුරු දෙකක් පොවනවලු. ඉතින් ඔහොම භාෂා පරිවර්තකයො 5 දෙනෙක් ඇවිල්ල වීදුරු දෙක ගානෙ පෙව්වම අපේ කට්ටියට දෙවරක් පහ දහයක් වැදිලලු. 

ඒත් ඉතින් අපරාදෙ කියන්න බෑ අපේ කට්ටිය හරි ශෝයි එකේ ඇටෙන්සොන් එකේම ඉන්නවලු. හැබැයි අර භාෂා පරිවර්තකයො පස් දෙනා පේන්න නෑලු.  පස්සෙ ඉතින් මොකද උනේ බලන්න අපේ කට්ටිය කාමරවල චෙක් කරන්න පට්ටන් ගත්තලු. හතර දෙනෙක් පේන තෙක් මානෙක නෑලු. එක්කෙනෙක් නම් සැපට ඇදක් උඩ නිදිලු. කට්ටිය බැලුවලු ඇයි මේ වීදුරු 1 1/2ක් බීල මූට මේ තරම් වෙරි ද අපිට නම් 10ක් බීලත් ගානක්වත් නෑ නෙ කියලා. බලනකොට අර අසරණ මනුස්සයා බාතෲම් එකේ සින්ක් එකට කබරයා එහෙම දාලා ඒක සෝදන්නෙවත් නැතුව  නිදිලු. 

හෙණ ටෝක් එකක් දුන්නට බොන්න ගිහාම චීනා ට අපේ අය එක්ක හැරෙන්නවත් බැරිලු කියන එක තමා මේ කතාවෙන් හැදෙන ප්‍රස්ථා පිරුළ.

ඉතින් ඊට පස්සෙ අපේ කට්ටිය දැන් වෙරි මරගාතෙ ගණන් කරා ලු ඉන්න සෙට් එක. මොකද වැරදිලා හරි එක්කෙනෙක් හරි වැඩේ වරා කරගෙනද කියලා සුවර් එකක් නැති නිසා. අන්තිමට මහදැනමුත්තයි ගෝලයො ටිකයි වගේ පැය ගානක් ගනන් කරලා හොයා ගත්තලු........ එක්කෙනෙක් අඩුයි!!

මලා....!!! දැන් කොහෙන්ද ඒ මනුස්සයව හොයන්නෙ ?  කොයි එක්කෙනා නැතිවෙලාද දන්නෙත් නෑ ඇයි අනේ සීයක් විතර බොන්න ගියානෙ. නෑ නෑ ගිහින් තියෙන්නෙ 10 දෙනෙක් බීල ඉවර වුණාම 100ක් වගේ පෙනිලා තියෙන්නෙ. ඉතින් ඔන්න අමාරුවෙන් මූණත් තහඩු ටික චැක් කොරලා නැති වෙලා තියෙන මූණ මීටර් කර ගත්තා. හත්වලාමයි නැති වෙලා තියෙන්නෙ ගියපු කට්ටිය සෑර් කියන්ට ඕනි කෙනෙක්වලු. 

ඉතින් ඔන්න කට්ටිය ආපහු පණ දාගෙන සෑර් ව කාමර ගානෙ හෙව්වලු. ම්හු..... කිසිම සද්දක් බද්දක් නෑ ලු. කට්ටිය කල්පනා කරාලු මෙයාට වැඩි වෙලා බාත් රූම් එකකවත් වැටිල ඉන්නවද දන්නෙ නෑ කියලා ආපහු බාතෲම් ඔක්කොම ඇර ඇර බලන්න පටන් ගත්තලු.  

ඔන්න ටික වෙලාවකින් එක්කෙනෙක් කෑ ගහනවලු මෙන්න ඉන්නවෝ කියාගෙන. ඉතින් අපේ අයියල කට්ටියත් දඩිබිඩි ගාල පෙරලගෙන දිව්වලු.  

අනේ මේ මනුස්සයා සැපසේ සුවසේ ඉන්නවලු.  තමන්ගෙම කාමරේ බාතෲම් එකේම. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑලු. අනික් අයට කාමරේ මාරු වුණත් මෙයාට මාරු වෙලා නෑ. බලන්න කොච්චර ඇක්ස්පීරිය්න්ස් ද?

එයා ඉතින් තමන්ගෙම බාතෲම් එකෙ බාත් ටබ් එකට උණුවතුර පුරවගෙන බැහැලා සැපට ඉන්නවලු.  කොහොමත් අපේ කට්ටිය හවසට කරන්නෙත් ඇවිල්ලා බාත්ටබ් එකට උණු වතුර පුරවගෙන බැහැලා ඉන්න එකලු. ඉතින් සෑර් ට වරදක් කියන්න බෑ නෙ. 

කට්ටියට ඒ වුණාට මොකක්ද අමුත්තක් දැනෙනවලු. හිතා ගන්න බැරිලු. වෙනදා විදියට වඩා මොකක් හරි වෙනසක් තියෙනවමලු.  ඉතින් පොඩ්ඩක් ලං කරලා බැලුවලු. එකපාරටම එක්කෙනෙක් සෑර් ගෙන් ප්‍රශ්නයක් ඇහුවලු. 

"සෑර් මොකක්ද උණු වතුරට දාපු බාත් ඇන්ඩ් ශවර් ජෙල් එක? සර් කලින් පාවිච්චි කරපු එකේ මෙහෙම කෑලි කෑලි පා වුණේ නෑනෙ??"  

ලොක්ක බැලුව ලු. ම්හු..... අවුලක් නෑ.....  

අපේ කට්ටිය තව ටිකක් කිට්ටු කරාලු මේ බාත් ටබ් එක ගාවට මොකක්ද මේ බාත් ඇන්ඩ් ශවර් ජෙල් එක කියලා බලන්න.  එතකොට තව එකෙකුට හයියෙන් මෙහෙම කියවුනාලු. 

"හයියෝ මච මේක මේ ලෝකල් එකක්නෙ ... මේඩ් ඉන් ශ්‍රී ලංකා..... මේක කබරයා ලකුණ චයිනීස් ජොජෝබා ඔයිල් බාත් ඇන්ඩ් ශවර් ජෙල් එක" .

දැන් කට්ටියටම හිනාලු මේ වැඩේට. සෑර් බාත්ටබ් එකට වතුර පුරවගෙන බැහැලා ඉන්න අතරෙ සෑර් ට වමනෙ ගිහින් බාත් ටබ් එකේම. ඉතින් මොන තරම් අසිහියෙන්ද කියනව නම් ඒ වතුර එකේම රස්නෙට ජොලියෙ බැහැලා ඉන්නවලු. රෑට කාපුවා බයිට් එහෙම වතුරෙ පා වෙනවලු. 

 ඉතින් කට්ටිය බැලුවලු බොසා වුණත් මේ යකාව මෙහෙම තියෙන එක හරි  නෑනෙ කියලා කම්බි කෑල්ලක් හොයාගෙන ඉස්සෙල්ලම අර බාත්ටබ් එකේ වතුර ටික ඇරියලු. ඊට පස්සෙ වතුර පාරක් ගහලා සර් ව අල්ලන්න පුළුවන් ගානට සේදුවලු. අන්තිමට කරලා තියෙන්නෙ බොසා කියලා බලන්නෙ නැතුව බාත්ටබ් එකෙන් ඇදලා අරගෙන ශවර් එකට අල්ලලා බොස් බබාව නාවලා තියෙන එක හොඳටට සබන් එහෙම ගාලා. ඊට පස්සෙ තෙත මාත්තු කරලා ඇඳුම් අන්දලා ඇඳට ගිහින් දැම්මලු. මේ හැමදේම කරනකල් සෑර් කියලා තියෙන්නෙ "හරි මචං හරි හරි ඔක්කොම හරි" කියලා කියවපු එක විතරලු.

ළමායි මේකෙත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඕනෙවට වඩා බොන්න ගිහින් ඇවිල්ලා බාත්ටබ් වල නාන්න එපා කියන එකමත් නෙවෙයි උපදේශෙ. කොහොමත් මොන රටේ මොන රහට බිව්වත් අනික් මිනිස්සු ඉදිරියේ තමන්ගෙ තත්වය නැති වෙන එක විතරයි වෙන්නෙ කියන එක තමා මේ කතාවෙන් ගන්න තියෙන උපදේශය. 

කතාව දික් වුණා. දෙවනි කතාව එහෙනම් හෙට විතර කියන්නම්. 
ට ටා....!































Comments

  1. දිග කතාවක් කියල ඔයා අන්තිමට හොද උපදෙසක් දීලා.මමත් ඔහොම අය දැකලා තියනව.බිලා බිලා අනිත් අය ඉදිරියේ තමන්ගේ තත්වෙ විහින් නැතිකරගන්නවා.ඒ අයනම් ඒ වෙලාවෙ ඉන්නෙ "අසිහියෙන්" ලුනේ.ඒත් දෙමව්පියෝ,බිරිද,ලමයි පත්වෙන අපහසුතාවය නම් කියල වැඩක් නෑ.

    ReplyDelete
  2. එල එල.. ඉතුරු කොටස කවදද දාන්නේ?

    ReplyDelete
  3. එකපාරක් ලංකාදීපෙ මෝතායි ගැන කතාවක් ගිහින් තිබුණ. ඒකෙ තිබුණ විදිහට පොඩ්ඩක් ගත්ත ගමන් වැටෙන සයිස්"ලු".

    චීනෙ කට්ටියට දෙවැටෙ සිදා ටිකක් දුන්නනම් කියයි "මෝතායි මොනවද?" කියල. සීනි, රටඉඳි, කටුස්සාගේ සිට ගැරඬියා දක්වාම ඉන්නවනෙ :P

    ReplyDelete
  4. අනිවා ඉතින් මොන රටේ උනත් තමන්ගේ තත්වේ තියන් ඉන්න ඕන..

    ReplyDelete
  5. හික්ස්,,අනිත් එකත් දෙන්නකෝ,,ඔය මෝතායි ද මොනාද ඕවට වඩා ගහන්න දේවල් අපේ රටේ තියෙන්නේ

    ReplyDelete
  6. ඇති ගිලී මලේ ගියේ නැතුවා

    ReplyDelete
  7. හික් හික් . . . . මොකා මොනව කීවත් මෝතායි වලට ගහන්න පුලුවං ලෝකල් බීමක් ලංකාවෙ නෑ . . . . . බොරු නෙමේ ෆට්ටෆල් ටෲ . . . . බලාගන්න ඕනෙ නං කාට හරි ටැස් ඇන්ඩ් කොම්පෙයා කරල . . . . මෝතායි තියනව විකුනන්න ගාලු පාරෙ නියොන් ලයිට් පත්තුවෙන හරියෙ . . . . කාල රුපියල් 200යි.

    ReplyDelete
  8. මාත් හරි ආසයි බාත් ටබ් වල නිදා ගන්න(අවසිහියෙන්). මටත් තියෙනව ඒ සම්බන්ද හොඳ අත්දැකීම්. චීනෙ කිවහම මතක් උනේ, මේ කතාවත් චීනෙ එකක්... හැබැයි කොපියක්. http://uwiniran-wwwbabilk.blogspot.com/2011/04/blog-post_24.html

    ReplyDelete
  9. "හයියෝ මච මේක මේ ලෝකල් එකක්නෙ ... මේඩ් ඉන් ශ්‍රී ලංකා..... මේක කබරයා ලකුණ චයිනීස් ජොජෝබා ඔයිල් බාත් ඇන්ඩ් ශවර් ජෙල් එක" .

    හික් හික් ලෙසටම ලියැවිලා

    ReplyDelete
  10. ඉතිරි කතා ටිකත් බලමුකෝ....
    අපිනම් චීනේ යන්නේ නෑ...
    මොනවද අර චීන කෑලී කියන්නේ ?
    ඔය චීන ටීවී රේඩියෝ එහෙමද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම