ටීචට ආදරෙයි!


මේ සිද්ධිය වුණේ අපි බ්ලොක් ටීචින් වලට ඉස්කෝල වලට සති 2 කට ගිය එක අවස්ථාවක. ඉස්කෝලෙ මොකක්ද කියලා නම් අහන්න එපා කැපුවත් ඉස්කෝලෙ නම් නම් කියන්නෙ නෑ. 

මේක හරිම පොඩි සිද්ධියක් ඒත් අදටත් මට මතක් වෙනකොට හිනා යනව. මතක විදියට මේ සිද්ධිය වුණේ 2004 හෝ 2005 වසර දෙකෙන් එකක.  

අපි ඉතින් සුදු සාරි ඇදලා ඉස්කෝල වලට යනකොට ඉස්කෝලවල ඉන්න ටීචලා දැන ගන්නවා සති 2ක් විතර පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න පුළුවන් කියලා. පොඩි එවුන් දන්නවා අනන් මනං චිත්‍ර බලන්න සින්දු කියන්න සෙල්ලම් කරන්න නියම කාලෙ කියලා. ඉතින් ඔන්න ඔය විදියට අපිත් යන්න පටන් ගත්ත බ්ලොක් ටීචින් වලට. 

මට මේ සති 2 ඇතුලත උගන්වන්න හම්බ වුණේ ඒ පාසලේ 3, 4 හා 5 යන ශ්‍රේණි වල පන්ති 3ක්. මමත් ඉතින් දන්න වැඩකිඩ ඔක්කොම දාල උගන්නනවා. වෙනසක් නෑ ඉතින් පොඩ්ඩොනෙ. හැබැයි මට තේරුණ විදියට හරිම දඟයි.

එක දවසක් ඉතින් මම පන්තියට ගියා. මේක ඉතින් පුංචිම පන්තිය 3 වසර.  

මම ඉතින් ගිහින් ඔන්න සින්දුව අහගෙන ඉන්න ඕනි. වෙලාවකට කට්ටිය සීරුවෙන් හිටගෙන ලඟ එකාට ඇන ඇන ඕක කියනකොට පුපුරන්න හිනා යන්න එනවා. ඉතින් එතකොට හරි අමාරුවෙන් හිනාව කාගෙන වහලෙ පරාල ගනන් කරන එක වගේ වැඩ තමා මම නම් කරන්නෙ. මෙන්න මේකයි සින්දුව. 

Good morning to you
Good morning to you 
Good morning dear teacher 
Good morning to you

මේක කියන්නෙ ඉතින් හැපි බර්ත් ඩේ තාලෙන්. ඕක අහගෙන ඉදලා ඉතින් කට්ටියම වාඩි වුණාට පස්සෙ පොඩි කතන්දරයක් කියලා නැත්නම් දුක සැප රෑට උදේට කාපුවා එහෙම අහලා ඔන්න පොත් ගන්න කියලා මම වැඩ පටන් ගන්නයි ලෑස්ති වුණේ. 

එක පාරම  පන්තියෙන් ස්ස්ස්ස්ස්.... ස්ස්ස්ස්ස්.... සද්දක් ඇහුනා. හරියට නිකන් කවුරු හරි කතා කරන්න අවධානය ඉල්ලනව වගෙ.  මම බැලුවෙ කවුද මේ සූ සූ ගාන චණ්ඩියා කියලා. පන්තියෙ පිටිපස්සෙ කණ්ඩායමක ඉන්න කොළු පැංචෙක් ඔන්න ස්ස්ස්ස්.... ස්ස්ස්ස්.... ගානවා. 

මම පොඩ්ඩක් සැරෙන් "මොකද?" ඇහුවා. (ඕක ලොකු පන්තියක එකෙක් කලා නම් මම අහන්නෙ "පියා නයා වෙච්ච නයි පුතා කවුද?" කියලා) 

මම මොකද ඇහුවම මෙන්න මූ මට ඔළුවෙන් කතා කරනව එන්න කියලා. දැන් ඉතින් කණින් පොඩ්ඩක් අල්ලන්නම වෙන නිසා මම ඩෙස් අතරින් එතෙන්ට ගියා.

"ඇයි මොකද ස්ස්ස්ස්......ස්ස්ස්ස්ස්ස් ගාන්නෙ පොත ගෙනාවෙ නැද්ද? ළමයි ඔහොමද ටීචට කතා කරන්නෙ?"

දැන් ඔන්න කොලුවා පොඩි පහේ මනමාල හිනාවක් දැම්මා.  

"නෑ ටීච පොත් තියෙනවා. වෙන එකක් කියන්න කතා කලේ"

"මොකක්ද වෙන එක?"

කොළු පැංචා තමන්ගේ ඩෙස් එකේ ඉන්න යාළුවාව පෙන්නුවා.

"ටීච මෙන්න මේ දිනෙශ්ක කියනව ටීච දිනෙශ්ක ටීචට ලව් කියල"  

"හෑ......."

හත්වලාමයි ......අලි මදිවට කොටි. අම්මප මෙච්චර කොල්ලො ඉන්න රටේ මට ලව් හිතුනෙ තුනේ පන්තියෙ එකෙකුටද? එක පාරම හෑ කියවුණත් කේලම් කාරයගෙයි දිනෙශ්ක ගෙයි මූණු දෙක දැක්කම මට හක හක ගාල හිනා වෙන්න තරම් හිනාවක් ආවා. කේලම් කාරය බලාගෙන ඉන්නවා දිනෙශ්කට මම ගහයි කියලා. දිනෙශ්ක බලාගෙන ඉන්නව මම අයි ලව් යූ ටූ කියන කල්. ඒත් ඉතින් හිනාවෙලා කෝමෙයි. 

"හා හා ගන්නව ගන්නව පොත්..... කෑ ගහන්නෙ නැතුව. අද පාඩම කරන්නෙ නැද්ද කතා කර කර ඉන්නව ඇරෙන්න?"

මම එහෙම සත්තමක් දාගෙන පන්තිය ඉස්සරහට ගියා. අනේ කාලේ වනේ වාසේ!  පස්සෙ ඉතින් මම උගන්නන ගමන් හොරෙන් මුන් දෙන්න කරන්න මොනවද කියල ඇහැ ගහගෙන හිටියා. කේලම් කාරයගෙ නම් මූණ අන්තිම නරක් වෙලා. දිනෙශ්ක ගෙ නම් මූණ හොඳයි මම හිතන්නෙ ගුටි නොවැදුන එකට. 

දැන් නම් මුන් ටික 8 - 9 වසරවල ඉන්නව ඇති. මොනවට කියනවද අපේ ඉස්කෝලෙ ඉන්න 8 -9 සෙට් එකත් ආයෙ නෑ ඒ වගේම තමා. පැහිලා වැඩියි. මනමාලකමත් වැඩියි. මගෙ 8 පන්තියට නම් මම කියලා තියෙන්නෙ මනමාලකම් එහෙම කරලා මට අහු වෙන්න එපා කොල්ලොද කෙල්ලොද කියලා මම බලන්නෙ නෑ අවුරුද්ද අන්තිමට පන්තියෙ පෝරුවක් ගහලා අම්මලා තාත්තලව ගෙන්නල රෙජිස්ටාර්ව ගෙන්නල බන්දලා දෙනවා කියලා. 

හික් හික් හික් ඒ සත්තම දානකොටම කොල්ලො ටික කෑ ගහන්නෙ "හපෝ ටීච.... අපි එහෙම කරනවද? අනික මෙගොල්ලො එක්ක ??? චී චී ටීච...!!!! හීනෙන්වත් හිතන්නෙ නෑ අපි. ටීචත් අපි ගැන එහෙම හිතන්න එපා." ඉතින් එතකොට කෙල්ලො ටිකට තද වෙනවා. "අනේ මේ තමුසෙලා අපිටත් වඩා කොටයි" හික් හික් ඇත්තටම මගෙ පන්තියෙ කොල්ලො සෙට් එක හරි කොටයි. තාම අඬු ටික දික් වෙලා නෑ හරියට. ඒ වෙලාවට ඉතින් මම පැනලා රණ්ඩුව බේරනවා...."මේ රණ්ඩු කරගන්නවලා මම යනවා යන්න පන්තියෙන් එහා පන්තියෙ ඉදලා විද්‍යාව සර් තමුසෙලා කෑ ගැහුවා කියලා සැලකුවොත් ඔන්න මම නෑ" කියලා. 

පොඩි එව්වො එක්ක මේ දේවල් සීරියස් අරගෙන විසඳන්න උපදෙස් දෙන්න යනවට වඩා ඒ වගේ වෙලාවක විහිළුවෙන්ම ඒක මඟ අරවලා යවන එක තමා හොදම බෙහෙත කියලයි මට නම් හිතෙන්නෙ. මොකද එතකොට දරුවො වුණත් හිතනවා "ටීච මේක වැඩිය ගනන් ගත්තෙ නෑ නෙ. ඒත් අපි වැරදි දෙයක් කලොත් මේ අපිත් එක්ක හිනා වෙලා ඉන්න ටීච අපිත් එක්ක ආයෙ කතාවත් කරන එකක් නෑ" කියල.  අත්දැකීමෙන් කියන්නෙ අම්මලා තාත්තලට වුණත් තමන්ගෙ දරුවො එක්ක කතා කරන්න විවෘතව. විහිළු කරන්න සෙල්ලම් කරන්න ආදරේ කරන්න අතගාන්න පොඩි කාලෙ වඩාගෙන අතගාල සුරතල් කලා වගේ. සිඹින්න තුරුල් කරගන්න ආදරෙන්. දරුවො ඒවට ආසයි. ඒ මව්පිය ගුරුවර ආදරේ මතින් හැදෙන්නෙ ඔබට අකීකරු හිතුවක්කාර දරුවෙක් නෙවෙයි. හොද පෞර්ෂත්වයක් තියන අපූරු දරුවෙක්. ඔබට ආදරේ රටට වැඩදායි දරුවෙක්. 

අහ් මේ කතාව ලියන්න හිතුනෙ පලාමල්ලෙ මේ කතාව දැකලා. 




















Comments

  1. චී චී ටීචර්. ටීචර් කියන නෝටි කතා . ඊඊඊඊ. අපිනම් එහෙම කරන්නෙ නෑ

    ReplyDelete
  2. ටීච කෙනෙක් හැමවෙලාවෙම දුම් දාගෙන රවාගෙන ඉන්නවට වඩා ළමයි එක්ක මිතුරන් විදියට ඉඳලා එයාලාව පාලනය කරන එක තමයි හොඳම ක්‍රමේ. මොකද එතකොට වැරැද්දක් දැකලා බැන්නම ඒ බැනුම හොඳට හිතට වදිනවා..

    ReplyDelete
  3. හික්ස් මෙන්න මෙයා හුග කාලෙකට පස්සේ කතාවක් ලියලා

    ReplyDelete
  4. අනේ මන්දා ඔය කියන ස්කෝලේ ගැන නම් මට මෙව්වා එකක් දැනනෙවා...

    ReplyDelete
  5. දැන් කාලේ ඉන්නේ පොඩ් එවුන ඔහොන්මම තමා , හිකිස්‌ පැහිලා කියන්න ආයි ඉදෙන්න ඔන්න මෙන්න

    ReplyDelete
  6. //සිඹින්න තුරුල් කරගන්න ආදරෙන්. දරුවො ඒවට ආසයි. ඒ මව්පිය ගුරුවර ආදරේ මතින් හැදෙන්නෙ ඔබට අකීකරු හිතුවක්කාර දරුවෙක් නෙවෙයි. හොද පෞර්ෂත්වයක් තියන අපූරු දරුවෙක්//
    මේ සුන්දර ප්‍රකාශය මම නම් ඉහළින්ම ගරු කරනවා , ලස්සන කතාවක් . ඒක ඇත්ත කතාවක් නිසා තවත් ලස්සනයි ..

    ReplyDelete
  7. අප්පෝ වෙලාවට ඔය කාලේ මම හිටියේ 10,11 විතර..හැබයි ඉතින් අපිනම් මනමාල නෑ නෙවැ ;-)..ඔව් අක්කේ ඔය පොඩි එවුන් නොතේරෙන කමට කරන එව්වනේ..එහෙම විහිලුවෙන්ම මග ඇරල දාන එක හොදයි..අපිත් ඉස්සර හරි කැමතියි ට්‍රේනින්ග්ග් ටීචර්ල එනවට..එයාල අනිත් ටීචර්ල වගේ සැර නෑනේ..නියම කතාව..

    ReplyDelete
  8. මේ පැත්තේ 3 වසර මිශ්‍ර පාසලකට යන පොඩි එකෙක් , තමන්ගේ වයසේම එකියෙකුට සෙනෙහෙ කොලයක් ලියලා ගුරුතුමියට අහු වෙලා තිබුනා. දැන් හැදෙන එවුන් අපට වඩා ඉක්මන්.. :P

    ReplyDelete
  9. ඇත්ත කතාව අක්කේ.හැම වෙලේම බැනල හදන්න ගියාම ඕන ලමයෙක් මුරන්ඩු වෙනවා වැඩියි කියලයි මං හිතන්නෙ.ඒ වෙනුවට ආදරෙන් කිව්වම ඒ ආදරේ නිසාම හිත රිද්දන්න බැරි කමට වැරදි වැඩ වලින් වැලකිලා ඉන්න බලනවා.

    ReplyDelete
  10. හී හී...ටීචටත් වෙන වැඩ...
    දැන් ඔහොම 2,3 පන්තිවල ලමයි කී දෙනෙක් ටීචට "අයි ලව් යූ" කියල කියල තියනවයි ?
    හී හී

    ReplyDelete
  11. අනේ සංජු 3වසරේ බබෙක් ගෙ ආදරේ හරි ලස්සන වේ කියලා හිතෙනවා, නැද්ද? මොනව උනත් අර අවුරුද්ද අන්තිමට පන්තියෙ පෝරුවක් ගහන කතාව හරි ජොලි, නිකමට හිතුවම! පොඩි උන් බය වෙන්න ඇති!

    ReplyDelete
  12. "මගෙ 8 පන්තියට නම් මම කියලා තියෙන්නෙ මනමාලකම් එහෙම කරලා මට අහු වෙන්න එපා කොල්ලොද කෙල්ලොද කියලා මම බලන්නෙ නෑ අවුරුද්ද අන්තිමට පන්තියෙ පෝරුවක් ගහලා අම්මලා තාත්තලව ගෙන්නල රෙජිස්ටාර්ව ගෙන්නල බන්දලා දෙනවා කියලා. "

    මෙහෙම කියන ටීච කෙනෙක් අපිට ඉඳලා ඇත්තටම ඒක කළා නම්....... අවුරුද්දේ අන්තිම මාසේම වෙඩින් තියෙයි.. :D

    අර ටීචට ලව් කියපු ළමයා මේක කියෙවුවොත් කෝමද නේ.. දැන්.. :D :D

    ReplyDelete
  13. ඉස්සර ඔය සුදු සාරි ටීචලා ආපුවාම සෞඛ්‍ය උගන්නන්න අපේ පන්තියෙ කොල්ලොන්ට ඕනෙ වෙන්නෙ හැමදාම ප්‍රජනනය පාඩම කරන්න. කොල්ලො හරියට මඩවනවා.

    ReplyDelete
  14. අනේ ඇත්තටම ටීචර්.. ටීචර්නම් අපි ගැන එහෙම හිතන්න එපා....

    ReplyDelete
  15. හික්ස් පොඩි උන්ගේ හිතට එන ඒවා නේ මොනා කරන්නද,,,

    ReplyDelete
  16. අපේ කාලේ මෙවැනි ගුරුවරියන් හිටියා නම්!

    ReplyDelete
  17. නියමයි පොඩි එකාගේ වැඩ!! අක්කා ලියලා තියන විදියට මැවිලා පේනවා කතාව

    ReplyDelete
  18. බොරු කියන්නෙ මොකටද , හත වසරෙදි මමත් අපේ විද්‍යාව කරපු සුදු ලස්සන මිස්ට ලව් ද මොකක්ද එකක් කලා....
    අන්තිමට කොල්ලො ටික නොන්ඩි කරලම මට එපා වුණා. මිසුත් පස්සෙ මාරු වෙලා ගියා.

    ReplyDelete
  19. මනමාලකම් එහෙම කරලා මට අහු වෙන්න එපා කොල්ලොද කෙල්ලොද කියලා මම බලන්නෙ නෑ අවුරුද්ද අන්තිමට පන්තියෙ පෝරුවක් ගහලා අම්මලා තාත්තලව ගෙන්නල රෙජිස්ටාර්ව ගෙන්නල බන්දලා දෙනවා කියලා.


    හික් හික් ඔකට කියන්නේ සමාජ සේවේ කියලා... හැබෑවට මුන් ඔකට අකමැති උනා පුදුමයි අක්කේ :)

    ReplyDelete
  20. දේව්දාස් නුත් ඉස්සෙල්ලම සෙනෙහ කොළයක් ලිව්වේ 1 වසරේදී වගෙයි මතක... හැබැයි දුන්නේ නම් නෑ... හි හි හි
    පුහුණු ගුරුවරුන්ට දේව්දාස් මීට අවුරුද්දකට කලින් ස්කෝලේ යන කාලේ කිව්වේ මල ගෙදර යන අය කියලා... ඒත් මුලින්ම දේව්දාස්ලට 6 වසරේදී උගන්නන්න ආව පුහුණු ගුරුතුමිය යන දවසේ දේව්දාස් ට වගේම ඒ ගුරුවරියටත් හොඳටම ඇඩුණා...
    ඔබේ අදහස් දේව්දාස් ටත් ඉතාමත් වැදගත්... දිගටම එනවා... සුභ පැතුම්....

    දේව්දාස්...

    ReplyDelete
  21. මාත් ඔයාගේ කතාවේ අන්තිමට කියපු දේට නම් බොහොම එකඟයි. අපේ ළමයින්ට ආදරේ දෙන තරමට ඒ ළමයින් අනෙකාට ආදරේ කරනවා.

    ReplyDelete
  22. හිනා වෙලා පන යනවා පොඩි එකාගේ ටෝල්ක් එකට... ඔය සුදු ඇදගෙන අලුතින් එන ටීචලට අපිත් පන ඇරලා ස්කොලේ යන කාලෙ... වයසක මිස ල දැකල දැකල පොඩි පහෙ මිස කෙනෙක් දැක්කම ඉතින් හප්පා.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම